දන්නවද ළමයෝ 🌼
මං හරි ආසයි ඔයා එක්ක කියව කියව ඉන්න
එහෙම ඉන්නකොට මාව පිහාටුවක් වගේ  සැහැල්ලු වෙනවා
මං දන්නවා ඔයා හොඳ ඇහුම්කන් දෙන්නෙක් කියලා
ඉතින් ඒ නිසාම මගේ හිතේ තියන හැමදෙයක්ම
ඔයාට කියන්න පුළුවන් කියන විශ්වාසය මට‍ තියෙනවා
ඉතින්, මං හරි ආසයි ඔයා එක්ක කතා කරන්න.


ඔයා නොදන්නවා වුනාට
වෙලාවකට ඔයා මගේ වේදනා නාශකයක්‌
තව වෙලාවකට ඔයා මගේ හිනාවට හේතුවක්‌
තවත් වෙලාවකට ඔයා මගේ සංකල්ප වලට හොඳ මූලාශ්‍රයක්
ඒ වගේම තවත් වෙලාවකට ඔයා තමයි මගේ ජිවිතේ මග පෙන්වන්නා වෙන්නෙත්
ඉතින් මං හරි ආසයි ඔයා එක්ක තොරතෝංචියක් නැතිව කියවන්න.


ඒත්,
මං දන්නවා ඔයාට ඒකට වෙලාවක් නෑ කියලා
ඉතින් මං මෙන්න මෙහෙම මගේ හිතේ තියන දේවල් ලස්සනට වචන වලට පෙරලනවා හැමෝටම කියවන්න.

 
ඒ මොනා වුනත් මං හරිම ආසයි ඔයා එක්ක තොරතෝංචියක් නැතිව කියව කියව ඉන්න
පුළුවන් නම් එකම එක දවසක් ඒ වෙනුවෙන් මට‍ දෙන්න
ඒ ඇති මට ජිවිත කාලෙටම ලස්සන මතක ටිකක් එකතු කරගන්න.

     🍃 *මම නිලූ* 🍃

Comments

Post a Comment

Popular Posts