සිහිල් සුළගේ
වෙලී ගිය දෙන්
හදේ සුසුමන්
නිහඬ අරණට
🍃නිලූ🍃
දෑස් අයා මග බලා හිඳිමි
ඔබ හා මේ මග යන්නට
කඳුළු නෙත මත සතුට වපුරන්නට
මලානික හද දිස්න ගන්වන්නට
නිහැඬියාව බිඳ දොඩමලු වන්නට
ඔබේ උරයට වාරු වී සිරි අසිරි විඳින්නට
උණුහුම් වැළඳ ගැනීමකින් හද පුරවා ගන්නට
ඉදින්,
විගස හමුවෙමු ලිලී මල් දෝත දරන්
විඳි නොවිඳි මානයන් විඳ ගැනීමට
ආදරෙන්.. ❤️
🍃නිලූ🍃
අප හමු විය යුතුමය
දවසක ; හවසක
අතීතයේ මිහිරි තැන් රස කර කියන්නට
අතීතයේ අමිහිරි තැන් පා කර හරින්නට
ආදරයට ආදරයෙන්
🍃 නිලූ🍃
දන්නවද ළමයෝ.....
ජිවිතේ කියන්නේ පුංචි කතාවක්
අපි හැමදාම ඒ කතාව අලුතින් ලියනවා ✍️
මේ කතාව ඇතුලේ හැමදාම එකම වගේ නෑ
එක දවසක සතුට අවොත් අනිත් දවසේ දුක
තව දවසක ආදරය අවොත් අනිත් දවසේ විරහව
කොටින්ම කිව්වොත් මේ කතාවේ කොටසක් ගිම්හානය නම් අනිත් කොටස වසන්තය
ඉතින්,
මේ පුංචි කතාව ඇතුලේ සදාකාලික සතුටක්වත් සදාකාලික දුකක්වත් නෑ ළමයෝ
අපි ගොතන මේ පුංචි කතාව ඇතුලෙ දි
අපිට පුළුවන් නම් හැමෝටම ආදරණිය මනුස්සයෙක් වෙන්න
දුකින් ඉන්න කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න
හමුවෙන හැමෝටම පුංචි හිනාවකින් සංග්‍රහ කරන්න
කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න පුංචි වචනයක් කියන්න
ගිම්හානයත් වසන්තයත් එක විදියට දරාගන්න
අපේ මේ පුංචිම පුංචි කතාව ගොඩක් ලස්සන වේවි.
ඔයා ගොතන මේ පුංචි කතාව ඇතුලේ
දැන් ඔයා ඉන්නේ අමාරුම කාලයක නම්
තව ටික දවසක් දරාගෙන ඉමු ළමයෝ
හෙට ඔයාගේ ජිවන ගෙත්තම වසන්තයක් වේවි
හැම කළු වළාවකම රිදී රේඛාවක් තියෙනවනේ ⚡
🍃නිලූ🍃
දන්නවද ළමයෝ 🌼
මං හරි ආසයි ඔයා එක්ක කියව කියව ඉන්න
එහෙම ඉන්නකොට මාව පිහාටුවක් වගේ සැහැල්ලු වෙනවා
මං දන්නවා ඔයා හොඳ ඇහුම්කන් දෙන්නෙක් කියලා
ඉතින් ඒ නිසාම මගේ හිතේ තියන හැමදෙයක්ම
ඔයාට කියන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා
ඉතින්, මං හරි ආසයි ඔයා එක්ක කතා කරන්න.
ඔයා නොදන්නවා වුනාට
වෙලාවකට ඔයා මගේ වේදනා නාශකයක්
තව වෙලාවකට ඔයා මගේ හිනාවට හේතුවක්
තවත් වෙලාවකට ඔයා මගේ සංකල්ප වලට හොඳ මූලාශ්‍රයක්
ඒ වගේම තවත් වෙලාවකට ඔයා තමයි මගේ ජිවිතේ මග පෙන්වන්නා වෙන්නෙත්
ඉතින් මං හරි ආසයි ඔයා එක්ක තොරතෝංචියක් නැතිව කියවන්න.
ඒත්,
මං දන්නවා ඔයාට ඒකට වෙලාවක් නෑ කියලා
ඉතින් මං මෙන්න මෙහෙම මගේ හිතේ තියන දේවල් ලස්සනට වචන වලට පෙරලනවා හැමෝටම කියවන්න.
ඒ මොනා වුනත් මං හරිම ආසයි ඔයා එක්ක තොරතෝංචියක් නැතිව කියව කියව ඉන්න
පුළුවන් නම් එකම එක දවසක් ඒ වෙනුවෙන් මට දෙන්න
ඒ ඇති මට ජිවිත කාලෙටම ලස්සන මතක ටිකක් එකතු කරගන්න.
🍃 *මම නිලූ* 🍃
ආයාසයෙන් යැදිය යුත්තක් නොව
අනායාසයෙන් ලැබිය යුත්තකි
නොලැබුණා යැයි ඒ අභියස යාචකයන් වීම ද සුදුසු නැත
එය ප්‍රේමයටද නිගාවකි.
එබැවින්,
නොදුන් දෙය නොගෙන
නොලැබූ දෙය පසෙකලා
තමා තුළ උපන් ප්‍රේමය
ඔවුන් තුළ නූපන් අයුරු දැක
ස්වකීය හැඟීම් ස්වෝත්සාහයෙන් ම මිහිදන් කොට
අනාගතය වෙත නික්ම යාම අගනේය.
🍃-නිලූ-🍃
1960 දශකය වන විට ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පැය අතර එබැවින් විදේශ විනිමය උපයන විකල්ප මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට එවක රජ...