Friday, 27 September 2024

1960 දශකයෙන් පසු ලංකාවේ සංචරක ව්‍යාපාරයේ පිබිදීම.

 

 1960 දශකය වන විට ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පැය අතර එබැවින් විදේශ විනිමය උපයන විකල්ප මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට එවක රජය කටයුතු කර ඇත. ඒ අනුව එතෙක් අවිධිමත්ව පැවති සංචාරක කර්මාන්තය සැලසුම් සහගතව සංවර්ධනය කිරීමේ පරමාර්ථයෙන් 1966 අංක 10 දරණ 'ලංකා සංචාරක මණ්ඩල පනත' මගින් 1966 මැයි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 'ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය' පිහිටුවා ඇත. සංචාරක චාරිකා සඳහා අනුබලදීම, ප්‍රමාණවත්, කාර්යක්ෂම හා ආකර්ෂණීය සංචාරක පහසුකම් ලබා දීම, ප්‍රවර්ධනය හා සංවර්ධනය කිරීම මෙහි පරමාර්ථය විය. එයට සමගාමීව 1966 අංක 14 දරණ ලංකා හෝටල් සංස්ථා පනත මගෙන් ලංකා හෝසාල් සංස්ථාවද පිහිටුවා ඇත මෙහිදී නවාතැන් ආහාරපාන විනෝද ක්‍රියාකාරකම් ක්‍රීඩා කටයුතු සඳහා ප්‍රමාණවත් කාර්යක්ෂම හා ආකර්ෂණීය සේවා ස්ථාන ස්ථාපනය නඩත්තුව හා පවත්වාගෙන යාම අරමුණු විය.


                                 මෙලෙස ක්‍රමයෙන් ව්‍යාප්ත වූ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා 1967 - 1977 දීර්ඝ කාලීන සැලැස්මක් ලෙස දස අවුරුදු සංචාරක සැලැස්මක් සකස් කරන ලද අතර Harris Foster ඇතුළු කණ්ඩායම විසින් මෙම සැලසුම සකසා ක්‍රියාවට නංවන ලදී.මෙම දස අවුරුදු සැලැස්ම සඳහා කර්මාන්තයක් ලෙස ආර්ථිකය දියුණු කළ හැකි අයුරු සොයා බැලීම, යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සැලසුම් සකස් කිරීම ආදිය මෙන්ම ලංකාවට ප්‍රධාන සංචාරක කලාප පහක් යටතේ සංවර්ධනය කිරීම අරමුණු වී ඇත. එම කලාප පහ නම් මීගමු ගල්කිස්ස කලාපය,  බෙන්තොට දකුණු දිග කලාපය, මධ්‍යම කඳුකරය, සංස්කෘතික ත්‍රිකෝණ කලාපය හා පාසිකුඩා ත්‍රිකුණාමලය වෙරළ කලාපයයි.


              මේ අනුව යමින් 1968 අංක 14 යන 'සංචාරක සංවර්ධන පනත' යටතේ ලංකාවේ සියලුම සේවා හා පහසුකම් විධිමත් කිරීමේ නීතිමය බලය 'ලංකා සංචාරක මණ්ඩලයට' පවරා දී ඇත. මේ අනුව ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ඉහළ ගිය අතර 1970 දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 46, 247ක් පමණ වී ඇති අතර දෛනික අමුත්තන් 68,524ක් පමණ වී ඇත. මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වූ සංචාරක කර්මාන්තයේ දියුණු තත්ත්වයක් 1976 නොබැඳි ජාතීන්ගේ සමුළුව මගින් ලංකාවට හිමි වූ අතර ඒ වර්ෂයේ සංචාරකයින් 118,941ක්‌ පමණ පැමිණ ඇත.


     1977 සිට නව දේශපාලන හා ආර්ථික රටාවක් ඔස්සේ විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමගම සංචාරක කර්මාන්තයට පෞද්ගලික අංශය ද ආයෝජනයට පෙළඹිණි. 1976-1982 කාලයේ සංචාරක පැමිණීම 24%කින් ඉහළ ගොස් ඇති බවට වාර්තාවේ. 1978-1982 සංචාරක සැලසුම් මගින් සංචාරකයින්ගේ පැමිණීමත් ඉපැයීමේ ප්‍රමාණයත් හෝටල් කාමර සංඛ්‍යාවත් වර්ධනය වීම සිදුවී ඇති අතර ඒ අනුව ටච් සමුද්‍රා ගලධාරි හිල්ටන් ආදී හෝටල් ආරම්භයට විදෙස් ආයෝජකයන්ට අවස්ථාව උදාවී ඇත. මෙලෙස 1982 වන විට ස්ථාවර ප්‍රගතියක් ලබා සිටි සංචාරක ව්‍යාපාරය 1983 වූ කළු ජෝලිය නම් අර්බුදකාරී තත්ත්වය නිසා ක්‍රමයෙන් බිඳ වැටීමට ලක්වී තිබේ.



Wednesday, 25 September 2024

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය.....


                 ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් විදේශිකයන්ගේ අවධානයට පාත්‍ර වූ රටකි. ඊට ප්‍රධානතම හේතුව ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීමේ ස්වභාවය යන්න ගත හැකිය. එකල මූලික වශයෙන් වෙළෙඳාම් ආදී ව්‍යාපාර අරමුණ සඳහා විදේශකයන් මෙරටට පැමිණ ඇති අතර ඊට අමතරව ස්වභාව සෞන්දර්ය නැරඹීමටද එම විදේශිකයන් පෙළඹී ඇත. ඒ බවට ඉබන් බතුතා, රොබට් නොක්ස්, පාහියන් හිමි ආදීන්ගේ වාර්තා සාක්ෂි ලෙස ගත හැකිය. මෙලෙස ශ්‍රී ලංකාව අතීතයේ පටන් සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමට මෙරටෙහි දේශගුණය, ස්වභාවික පරිසරය, වෙරළ, පුරාවිද්‍යා ස්ථාන හා සංස්කෘතිකාංග ආදී ප්‍රධාන කරුණු හේතු වී ඇති බවට අනුමාන කළ හැක.

                                         1930 දශකයට පෙරය සංචාරක කටයුතු සඳහා වැඩි අවධානයක් නොලැබී ඇති අතර 1930 දශකයෙන් පසු මෙය කර්මාන්තයක් වශයෙන් මූලික පියවර තබා ඇත. එලෙස ඇරඹී ලාංකික සංචාරක කර්මාන්තයේ විකාශනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය කාල පරිච්ඡේද කිහිපයක් යටතේ හඳුනාගත හැකිය. එම කාල පරිච්ඡේද සංචාරක කර්මාන්තය හා සබැඳි වැදගත් සිදුවීම් ආශ්‍රයෙන් වෙන් වී ඇත.එම කාලපරිච්ඡේද නම්,


  • නිදහස ලැබීමට පෙර කාලය
  • 1948 - 1977
  • 1977 - 1982
  • 1982 - 2007
  • 2007 න් පසු කාලය 


      අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පදනම සකස් වී අතර 1930 දශකය එහිදී වැදගත් වේ. ඒ ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව පැවති යුගය වන අතර එකල නවක ගමන් මාර්ගවල කේන්ද්‍රස්ථානයක් වශයෙන් කොළඹ වරාය පත්වී තිබුණි. මෙලෙස නෞකාවලින් පැමිණි යුරෝපීය ජාතිකයන්ගේ අවධානය ලංකාවේ සුන්දරත්වයට යොමු වී ඇති අතර නිරිතදික කලාපයේ වෙරළ තීරය ඔවුන්ගේ ප්‍රධාන ආකර්ෂක ස්ථානයක් බවට පත්ව තිබී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පළමු උත්සාහය දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ එනම් 1930 දී සිදු කරන ලදී. එනම් 'සංචාරක කාර්යාංශය' පිහිටුවීමයි. එහි අරමුණ වූයේ ආර්ථික ක්‍රියාවලියක් ලෙස සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම නොව යුරෝපා සංචාරකයන්ට අපහසුකම් සැපයීමයි. මෙම සංචාරක කාර්යාංශයේ මූලික වගකීම වූයේ මෙරටට පැමිණෙන සංචාරකයින්ට සුබ පතමින් හා නැරඹුම් චාරිකා ලබාදීමෙන් සේවා සැපයීමයි. මෙලෙස මෙකල සංචාරකයින් 100,000 - 200,000 ත් අතර සංඛ්‍යාවක් පැමිණ ඇති බවට වාර්තාකර ඇති අතර දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමගම මෙම සංචාරක කාර්යාංශයේ කටයුතු නතර වී ඇත.


     මෙලෙස යම් පසුබෑමකට ලක්වූ සංචාරක ව්‍යාපාරය නැවත 1948දී නැගී එන ලදි. ඒ අනුව 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමගම සංචාරක කටයුතු නැවත පණ ගැන්වීමට 'රජයේ සංචාරක කාර්යාංශය' නැවත ගොඩනංවා ඇත. ඒ අනුව 1953 වන විට නැව් වලින් දෛනික සංචාරකයින් 79,000ක් පමණ කොළඹ වරායට ගොඩ බැස ඇති අතර ඔවුන්ට සේවා සැපයීමට බලපත්‍ර සහිත සංචාරක මාර්ගෝපදේශන සේවාවක්, ජැටියේ කුලී රථ සේවාවක් සහ නවාතැන් පහසුකම් සැපයීමට හෝටල් කාමර ද සූදානම් කර ඇත.  1950 වන විට ගුවන් ගමන් ආරම්භ වීම තුළ ලොව පුරා සංචාරය කරන සංචාරකයින්ගේ ප්‍රමාණයේ සීඝ්‍ර වර්ධනයක් ඇති විය. 

Sunday, 22 September 2024

සංචරණයේ ඉතිහාසය


 සංචරණයේ  ඉතිහාසය

       සංචාරක ව්‍යාපාරය අද වන විට ලොව පුරා ජනප්‍රිය මෙන්ම ලෝක ව්‍යාප්ත ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. මෙය දියුණු රටවල සමාජ කටයුත්තක් ලෙසත්, දියුණු වෙමින් පවත්නා රටවල ප්‍රධාන ආර්ථික කටයුත්තක් ලෙසත් ක්‍රියාත්මක වේ. පෙර  ලිපියේදී  සංචරණය යන්න හඳුන්වා දුන් අතර.  මෙම ලිපිය ඔස්සේ සංචරණය යන්නෙහි නැත්නම් සංචාරක ව්‍යාපාරයෙහි ආරම්භය හා විකාශනය පිළිබඳව අවධානය යොමු කරමු. 

           මෙම සංචාරක ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් යුග 04ක් ඔස්සේ  විකාශනයක් වී ඇති බව හඳුනාගත හැකි ය.  ඒවා නම් 


  1.                 18 වන සියවසට පෙර යුගය
  2.                 රෝම යුගය
  3.                 18 වන සියවස
  4.                 19 වන සියවස හෙවත් නූතන යුගය


          18 වන සියවසට පෙර යුගය ගත් විට මෙය මිනිසාගේ ආරම්භක කාලවකවානුවක් වෙත් දිව යයි. ඒ අනුව මෙම යුගයේ දී ප්‍රාථමික හා අවිධිමත් සංචරණයක් සිදුවූ අතර විනෝදය උදෙසාා සංචාරය කර ඇත. කුතුහලය යන්න ද මීට හේතු වී ඇත.


         අනතුරුව අප්‍රිකාවේ දී මානවයාගේ ආරම්භයත් සමඟ නයිල් ගඟ දිගේ ගමන් කරමින් ශිෂ්ඨාචාර ගොඩනගා ගෙන ඇති අතර ඒ අනුව මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය ප්‍රථමයෙන් නිර්මාණය විණි. මෙලෙස ශිෂ්ඨාචාරගතවීමත් සමඟ මානව ජීවිත ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ අතර රෝදය හා කාසි ආදිය සොයාගැනීම හා නිර්මාණය කිරීම සංචරණයේ විශේෂ අවස්ථාවක් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව යමින් ඊජිප්තු ශිෂ්ඨාචාර යුගය වන විට යම් දියුණු තත්ත්වයකට පැමිණි සන්චරණය යන්න එකලදී විනෝදාස්වාදය උදෙසා මෙන් ම වානිජමය , වන්දනාමාන හෝ වෙනත් කටයුතු අරමුණු කොටගෙන  සිදුකොට ඇත.


        මෙලෙස පවත එම ආ සංචරණය තුළ රෝම යුගයේදී එක් දින සංචාරයන් සිදුකර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව මෙකල උත්සව, සැණකෙළි, ක්‍රීඩා හා විනෝදාත්මක අවස්ථා ආදිය අරමුණු කොටගෙන සංචරණයේ යෙදී ඇත. මෙම කාලවකවානුවේ නවාතැන් හා ප්‍රවාහන පහසුකම් උදෙසා සුළු වශයෙන් ඉල්ලුමක්ද තිබී ඇත.


           18 වන සියවස වන විට අධ්‍යාපනය අරමුණු කොට ගනිමින් යුරෝපීය ඉහළ පැලැන්තියේ තරුණයින් සංචාරයේ යෙදී ඇති අතර එය 'මහා සංචාරය හෙවත් ගාම්භීර සංචාරය' ලෙස හඳුන්වයි. මීට අමතරව ඥාති හිතමිත්‍රාදීන් බැලීමට යාම අරමුණු කොට ගෙන ද පිරිස් සංචරණයේ යෙදී ඇති අතර මෙය කාර්මික විප්ලවයත් සමඟ වර්ධනය වූවක් වශයෙන් දැක්විය හැකිය.


        19 වන සියවස වන විට සංචාරක ව්‍යාපාරයේ සිදුවූ ප්‍රබෝධය හේතුවෙන් නූතන සංචරණය යනුවෙන්ද නම් කළ අතර මෙකල එනම් 19 වන සියවස මැද භාගය වන විට 'තෝමස් කුක්' නමැති පුද්ගලයාගේ මූලිකත්වයෙන් සංවිධානාත්මක සංචරණය ඇති විය. ඒ 1865 යුරෝපය වටා සිදුකරන ලද ජාත්‍යන්තර සංචරණයේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම අවධිය වන විට සංචරණය කිරීමේ අරමුණ වෙනස්ව පෞද්ගලික වුවමනාවන් තෘප්ත කර ගැනීමට ද, අනුකරණයක් / ආකර්ෂණයක් ලෙස ද, ව්‍යාපාරික, ආගමික, ගවේෂණ ආදී දෑ අරමුණු කොට ගෙන ද සංචරනයේ යෙදී ඇත. 


මේ අනුව බැලූ කල වර්තමානය වෙන විට සංචාරකයන් සංචලනය කිරීමයි විවිධ හේතු දැක්විය හැකි නිදසුනක් ලෙස සංස්කෘතික උරුම නැරඹීම නව අතකින් ලබා ගැනීම ක්‍රීඩා අධ්‍යාපන ආගමික ස්වාකාර ආදී ද ඒ අතරින් මූලික වේ. ඒ අනුව,

  •     සංස්කෘතික සංචරණය
  •     ක්‍රීඩා සංචරණය 
  •     ත්‍රාසජනක සංචරණය 
  •     වෛද්‍ය සංචරණය........ ආදී සංචාරක ව්‍යාපාර පැතිකඩයන් ව්‍යාප්ත වී ඇත. එමෙන්ම එම අංශ හරහා සංචාරක ව්‍යාපාරය විශාල දියුණුවක්ද ලබා ඇති අතර, ජාත්‍යන්තර කර්මාන්ත අතුරින් තුන්වෙනුවට වැදගත්ම කර්මාන්තය ලෙසද සංචාරක ව්‍යාපාරය හඳුනාගත හැකිය.  


         

Thursday, 19 September 2024

සංචාරක ව්‍යාපාරය

සංචරය යන්න අද වන විට ලෝක ව්‍යාප්ත ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. මෙය මිනිසාගේ ආරම්භය සිදු වූ කාලයටම දිව යන්නක් වන අතර 1980 වසරේ ලෝක සංචාරණය පිළිබඳ මැනිලා ප්‍රකාශනය මගින් සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම හඳුනාගෙන තිබේ. 


සංචරණය හැඳින්වීම 

"සංචාරය කරනු ලබන ප්‍රදේශවලදී ආදායම් උපයන කවර ක්‍රියාවකට හෝ සම්බන්ධ නොවන විවේකය හෝ ව්‍යාපාර කටයුතු ආදී මූලික අරමුණ උදෙසා වසරකට නො වැඩි කාලයක් සඳහා අඛණ්ඩව තම සුපුරුදු ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශ වෙත සංචාරය කර නවාතැන් ගන්නා පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්ය." එලෙස එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය සංචරණය අර්ථ දක්වා ඇත. ඒ අනුව සිදුවන ව්‍යාපාරික කර්මාන්ත සංචාරක කර්මාන්ත ලෙස අර්ථ දැක්විය හැකිය. 


මෙයට අමතරව "සංචරණය යනු පැය විසිහතරක් හෝ ඊට වැඩි කාලයක් වෙනත් රටක හෝ නැතිනම් ජීවත්වන පරිසරයෙන් ඉවතට ගොස් සිටීමයි."යනුවෙන් Legue of Nation හි1937 දී අර්ථ දක්වා ඇත.


එමෙන්ම සංචරණය යන විෂය මිනිසා පිළිබඳව කරනු ලබන අධ්‍යයනයක් ලෙසද පදිංචි ස්ථානයෙන් පිටකට යන පුද්ගලයා පිළිබඳව මෙන්ම සංචාරක කර්මාන්තයට වන බලපෑම පිළිබඳව ද  Dr. Jafari (1977) දී නිල් වචනය කර ඇත. ඒ අනුව, 

 "මිනිසාගේ සාමාන්‍ය වාස භූමියෙන් බැහැරව යන පුද්ගලයා ඔහුගේ අවශ්‍යතා සපුරන කර්මාන්ත සහ සත්කාරයේ සමාජ සංස්කෘතික ආර්ථික හා භෞතික පරිසරයන්හිදී ඔහු සහ එම කර්මාන්ත කෙරෙහි වන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම සංචරණය වේ." යනුවෙන් ඔහු සංචරණය යන්න අර්ථ දක්වා ඇත.


     ඉහත ආකාරයෙන් විවිධ කාල වකවානු තුළ විවිධ පුද්ගලයින් හා විවිධ සමාගම් සංචරණය යන්න විශ්ලේෂණය කරමින් නිර්වචන ඉදිරිපත් කර ඇත.


ඒ අනුව,

"විදේශීය අමුත්තන් හෝ දේශීය සංචාරකයින් විසින් මුළුමනින්ම හෝ ප්‍රධාන වශයෙන් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කාර්මික හා වාණිජමය ක්‍රියාකාරකම්වල එකතුව නියෝජනය කිරීම යනුවෙන් සංචාරක කර්මාන්ත හෝ සංචාරක අංශය පුළුල් ලෙස සංකල්පනය කළ හැකි හැක."    

                    යනුවෙන් එක්සත් ජාතීන්ගේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය 1971 දී ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත. එහිදී මූලික වශයෙන්ම සංචාරක කර්මාන්තයන්ට ප්‍රමුඛතාව ලබාදී ඇති අතර දේශීය විදේශීය සංචාරකයින් පරිභෝජනය කරන සියලුම දෑ මෙම සංචාරක අංශයට අයත්ව බව මෙම නිර්වචනයෙන් පෙන්වා දී ඇත.


       Powell,  1978 දී "කර්මාන්ත හා සමාජ අවශ්‍යතා යන දෙ අංශයෙන් සංචාරක ව්‍යාපාරය ඇතුළත් වන්නේ සංචාරක පාරිභෝගිකයා විසින් ඉදිරිපත් කරන සියලුම අංගයන්ට ප්‍රතිචාරයකි." යනුවෙන් සංචරණය යන්න නිර්වචනය කර ඇති අතර එහිදී සංචාරක ව්‍යාපාරයට සංචාරකයින් විසින් ඉදිරිපත් කරන සියලුම අංගයන් ඇතුළත් වන බවත් ඒවාට ප්‍රතිචාර දැක්වීම සංචරනය බවත් ඔහු දක්වා ඇත.


ඉහත Powell ගේ නිර්වචනයට සමාන අයුරින් 1979 දී  P.Lieper විසින් නිර්වචන‍යක් ඉදිරිපත් කර ඇත.


"සංචාරකයන් සඳහා නිශ්චිත අවශ්‍යතා හා එම අවශ්‍යතා සපුරාලීමට අදහස් කරන සියලුම සමාගම් සංවිධානය හා පහසුකම් වලින් සංචාරක කර්මාන්තය සමන්විත වේ." යනුවෙන් ඔහු දක්වා ඇත.


ඉහත ආකාරයෙන් සංචරණය යන්න නිර්වචනය කළ හැකි අතර එය හුදෙකලාව පවත්නා දෙයක් නොවන බව එමගින් පැහදිළි කර ගත හැකිය.




        



1960 දශකයෙන් පසු ලංකාවේ සංචරක ව්‍යාපාරයේ පිබිදීම.

   1960 දශකය වන විට ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පැය අතර එබැවින් විදේශ විනිමය උපයන විකල්ප මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට එවක රජ...