සංචරණය යන්න අද වන විට ලෝක ව්‍යාප්ත ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. මෙය මිනිසාගේ ආරම්භය සිදු වූ කාලයටම දිව යන්නක් වන අතර 1980 වසරේ ලෝක සංචාරණය පිළිබඳ මැනිලා ප්‍රකාශනය මගින් සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම හඳුනාගෙන තිබේ.
සංචරණය හැඳින්වීම
"සංචාරය කරනු ලබන ප්‍රදේශවලදී ආදායම් උපයන කවර ක්‍රියාවකට හෝ සම්බන්ධ නොවන විවේකය හෝ ව්‍යාපාර කටයුතු ආදී මූලික අරමුණ උදෙසා වසරකට නො වැඩි කාලයක් සඳහා අඛණ්ඩව තම සුපුරුදු ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශ වෙත සංචාරය කර නවාතැන් ගන්නා පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්ය." එලෙස එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය සංචරණය අර්ථ දක්වා ඇත. ඒ අනුව සිදුවන ව්‍යාපාරික කර්මාන්ත සංචාරක කර්මාන්ත ලෙස අර්ථ දැක්විය හැකිය.
මෙයට අමතරව "සංචරණය යනු පැය විසිහතරක් හෝ ඊට වැඩි කාලයක් වෙනත් රටක හෝ නැතිනම් ජීවත්වන පරිසරයෙන් ඉවතට ගොස් සිටීමයි."යනුවෙන් Legue of Nation හි1937 දී අර්ථ දක්වා ඇත.
එමෙන්ම සංචරණය යන විෂය මිනිසා පිළිබඳව කරනු ලබන අධ්‍යයනයක් ලෙසද පදිංචි ස්ථානයෙන් පිටකට යන පුද්ගලයා පිළිබඳව මෙන්ම සංචාරක කර්මාන්තයට වන බලපෑම පිළිබඳව ද Dr. Jafari (1977) දී නිල් වචනය කර ඇත. ඒ අනුව,
"මිනිසාගේ සාමාන්‍ය වාස භූමියෙන් බැහැරව යන පුද්ගලයා ඔහුගේ අවශ්‍යතා සපුරන කර්මාන්ත සහ සත්කාරයේ සමාජ සංස්කෘතික ආර්ථික හා භෞතික පරිසරයන්හිදී ඔහු සහ එම කර්මාන්ත කෙරෙහි වන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම සංචරණය වේ." යනුවෙන් ඔහු සංචරණය යන්න අර්ථ දක්වා ඇත.
ඉහත ආකාරයෙන් විවිධ කාල වකවානු තුළ විවිධ පුද්ගලයින් හා විවිධ සමාගම් සංචරණය යන්න විශ්ලේෂණය කරමින් නිර්වචන ඉදිරිපත් කර ඇත.
ඒ අනුව,
"විදේශීය අමුත්තන් හෝ දේශීය සංචාරකයින් විසින් මුළුමනින්ම හෝ ප්‍රධාන වශයෙන් පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කාර්මික හා වාණිජමය ක්‍රියාකාරකම්වල එකතුව නියෝජනය කිරීම යනුවෙන් සංචාරක කර්මාන්ත හෝ සංචාරක අංශය පුළුල් ලෙස සංකල්පනය කළ හැකි හැක."
යනුවෙන් එක්සත් ජාතීන්ගේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය 1971 දී ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත. එහිදී මූලික වශයෙන්ම සංචාරක කර්මාන්තයන්ට ප්‍රමුඛතාව ලබාදී ඇති අතර දේශීය විදේශීය සංචාරකයින් පරිභෝජනය කරන සියලුම දෑ මෙම සංචාරක අංශයට අයත්ව බව මෙම නිර්වචනයෙන් පෙන්වා දී ඇත.
Powell, 1978 දී "කර්මාන්ත හා සමාජ අවශ්‍යතා යන දෙ අංශයෙන් සංචාරක ව්‍යාපාරය ඇතුළත් වන්නේ සංචාරක පාරිභෝගිකයා විසින් ඉදිරිපත් කරන සියලුම අංගයන්ට ප්‍රතිචාරයකි." යනුවෙන් සංචරණය යන්න නිර්වචනය කර ඇති අතර එහිදී සංචාරක ව්‍යාපාරයට සංචාරකයින් විසින් ඉදිරිපත් කරන සියලුම අංගයන් ඇතුළත් වන බවත් ඒවාට ප්‍රතිචාර දැක්වීම සංචරනය බවත් ඔහු දක්වා ඇත.
ඉහත Powell ගේ නිර්වචනයට සමාන අයුරින් 1979 දී P.Lieper විසින් නිර්වචනයක් ඉදිරිපත් කර ඇත.
"සංචාරකයන් සඳහා නිශ්චිත අවශ්‍යතා හා එම අවශ්‍යතා සපුරාලීමට අදහස් කරන සියලුම සමාගම් සංවිධානය හා පහසුකම් වලින් සංචාරක කර්මාන්තය සමන්විත වේ." යනුවෙන් ඔහු දක්වා ඇත.
ඉහත ආකාරයෙන් සංචරණය යන්න නිර්වචනය කළ හැකි අතර එය හුදෙකලාව පවත්නා දෙයක් නොවන බව එමගින් පැහදිළි කර ගත හැකිය.
Good work
ReplyDeleteUseful
ReplyDelete