ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් විදේශිකයන්ගේ අවධානයට පාත්‍ර වූ රටකි. ඊට ප්‍රධානතම හේතුව ලෙස ශ්‍රී ලංකාවේ පිහිටීමේ ස්වභාවය යන්න ගත හැකිය. එකල මූලික වශයෙන් වෙළෙඳාම් ආදී ව්‍යාපාර අරමුණ සඳහා විදේශකයන් මෙරටට පැමිණ ඇති අතර ඊට අමතරව ස්වභාව සෞන්දර්ය නැරඹීමටද එම විදේශිකයන් පෙළඹී ඇත. ඒ බවට ඉබන් බතුතා, රොබට් නොක්ස්, පාහියන් හිමි ආදීන්ගේ වාර්තා සාක්ෂි ලෙස ගත හැකිය. මෙලෙස ශ්‍රී ලංකාව අතීතයේ පටන් සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමට මෙරටෙහි දේශගුණය, ස්වභාවික පරිසරය, වෙරළ, පුරාවිද්‍යා ස්ථාන හා සංස්කෘතිකාංග ආදී ප්‍රධාන කරුණු හේතු වී ඇති බවට අනුමාන කළ හැක.
1930 දශකයට පෙරය සංචාරක කටයුතු සඳහා වැඩි අවධානයක් නොලැබී ඇති අතර 1930 දශකයෙන් පසු මෙය කර්මාන්තයක් වශයෙන් මූලික පියවර තබා ඇත. එලෙස ඇරඹී ලාංකික සංචාරක කර්මාන්තයේ විකාශනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය කාල පරිච්ඡේද කිහිපයක් යටතේ හඳුනාගත හැකිය. එම කාල පරිච්ඡේද සංචාරක කර්මාන්තය හා සබැඳි වැදගත් සිදුවීම් ආශ්‍රයෙන් වෙන් වී ඇත.එම කාලපරිච්ඡේද නම්,
- නිදහස ලැබීමට පෙර කාලය
- 1948 - 1977
- 1977 - 1982
- 1982 - 2007
- 2007 න් පසු කාලය
අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පදනම සකස් වී අතර 1930 දශකය එහිදී වැදගත් වේ. ඒ ලංකාව බ්‍රිතාන්‍යය යටත් විජිතයක්ව පැවති යුගය වන අතර එකල නවක ගමන් මාර්ගවල කේන්ද්‍රස්ථානයක් වශයෙන් කොළඹ වරාය පත්වී තිබුණි. මෙලෙස නෞකාවලින් පැමිණි යුරෝපීය ජාතිකයන්ගේ අවධානය ලංකාවේ සුන්දරත්වයට යොමු වී ඇති අතර නිරිතදික කලාපයේ වෙරළ තීරය ඔවුන්ගේ ප්‍රධාන ආකර්ෂක ස්ථානයක් බවට පත්ව තිබී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පළමු උත්සාහය දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ එනම් 1930 දී සිදු කරන ලදී. එනම් 'සංචාරක කාර්යාංශය' පිහිටුවීමයි. එහි අරමුණ වූයේ ආර්ථික ක්‍රියාවලියක් ලෙස සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම නොව යුරෝපා සංචාරකයන්ට අපහසුකම් සැපයීමයි. මෙම සංචාරක කාර්යාංශයේ මූලික වගකීම වූයේ මෙරටට පැමිණෙන සංචාරකයින්ට සුබ පතමින් හා නැරඹුම් චාරිකා ලබාදීමෙන් සේවා සැපයීමයි. මෙලෙස මෙකල සංචාරකයින් 100,000 - 200,000 ත් අතර සංඛ්‍යාවක් පැමිණ ඇති බවට වාර්තාකර ඇති අතර දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමගම මෙම සංචාරක කාර්යාංශයේ කටයුතු නතර වී ඇත.
මෙලෙස යම් පසුබෑමකට ලක්වූ සංචාරක ව්‍යාපාරය නැවත 1948දී නැගී එන ලදි. ඒ අනුව 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමගම සංචාරක කටයුතු නැවත පණ ගැන්වීමට 'රජයේ සංචාරක කාර්යාංශය' නැවත ගොඩනංවා ඇත. ඒ අනුව 1953 වන විට නැව් වලින් දෛනික සංචාරකයින් 79,000ක් පමණ කොළඹ වරායට ගොඩ බැස ඇති අතර ඔවුන්ට සේවා සැපයීමට බලපත්‍ර සහිත සංචාරක මාර්ගෝපදේශන සේවාවක්, ජැටියේ කුලී රථ සේවාවක් සහ නවාතැන් පහසුකම් සැපයීමට හෝටල් කාමර ද සූදානම් කර ඇත. 1950 වන විට ගුවන් ගමන් ආරම්භ වීම තුළ ලොව පුරා සංචාරය කරන සංචාරකයින්ගේ ප්‍රමාණයේ සීඝ්‍ර වර්ධනයක් ඇති විය.
Great❤️
ReplyDelete